ජංගම දුරකථන පරිශීලනයේ දී අප විසින් හිතාමතාම හෝ අත්වැරදීම් වලින් විවිධ දේවල් මකා දැමීම සිදු වන අතර contacts, documents ආදිය මෙන්ම gallery එකේ ඇති දේවල් ද මේ අතර වෙනවා.

නමුත් මෙලෙස delete කරන ලද බොහොමයක් දේ, recycle bin ඔස්සේ නැවත ලබා ගැනීමට හැකියාව තිබෙන නමුත් delete වූ contact එකක් සඳහා එවැනි පහසුකමක් මේ දක්වා ලබාගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.

ඊට විසඳුමක් ලබාදීමට Google සමාගම මේ වන විට කටයුතු කර තිබෙන අතර, ඔබ අතින් delete වන contacts සඳහා ද recycle bin එකක්, එහෙමත් නැතිනම් Trash පහසුකමක් හඳුන්වාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Trash ලෙස නම් කර තිබෙන මෙම නවතම අංගය මේ වන විට Google Contacts web app එක සඳහා ලබාදීමට කටයුතු කර ඇති නමුත්, තවමත් මෙහි mobile app එක සඳහා නිකුත් කිරීමට කටයුතු කර නැහැ.

මේ අලුත් Trash option එක හරහා ඔබ විසින් හිතාමතා හෝ අත්වැරදීමකින් delete කරන ලද Contact එකක් දින 30ක කාලසීමාවක් ඇතුලත නැවත ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර, ඒවා delete කරන ලද්දේ වෙබ් අඩවිය ඔස්සේ ද නැතිනම් mobile apps ඔස්සේ ද යන්න මෙන්ම එය delete කල දිනය සහ වේලාව ද පෙන්වනු ලබනවා.

එමෙන්ම මෙහි ඇති 'Delete forever' option එක ඔස්සේ අදාල contacts සම්පූර්ණයෙන්ම delete කිරීමේ හැකියාව ලැබෙන අතර, එසේ නොවන contacts, දින 30ක් ඇතුලතදී Recover option එක හරහා නැවත ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. කොහොම නමුත් දින 30කින් පසුව අදාල contacts ස්ව්‍යංක්‍රීයව සම්පූර්ණයෙන්ම delete වී යනු ලැබෙනවා.

යම්හෙයකින් ඔබේ Google Contact Account එක තුළ මෙම option එක තවමත් දක්නට නොමැති නම් එහි අදහස වන්නේ තවමත් එය ඔබ වෙත ලැබී නොමැති බව වන අතර ඊට හේතුව නම් දැනට මෙම නවතම අංගය ලබා දී තිබෙන්නේ Google G-Suit පරිශීලකයින්ට පමණක් වීමයි.

ඉදිරියේදී මෙම පහසුකම සාමාන්‍යය පරිශීලකයින් හට මෙන්ම mobile apps සඳහා ද ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.