Supersonic transportation method එකක් ලෙස දශක ගණනාවක් අහස ආක්‍රමණය කල Concorde මගී ප්‍රවාහන යානා ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතිවාට කිසිම සැකයක් නැහැ.

1969 සිට 2003 දක්වා පුරා වසර 34 ක් ශබ්ධයේ වේගය ද අභිබවා, අධිවේගී මගී ප්‍රවාහනයේ යෙදුණු මෙම අද්විතීය යානය පසුකාලීනව සිදුවූ අනතුරු කිහිපයක් නිසා මෙන්ම අධික වියදම නිසා 2003 වසරේදී නතර කර දැමීමට සිදු වුණා.

ඉන් අනතුරුව ලෝකයාගේ මතකයෙන් Concorde යානය ටිකෙන් ටික දුරස් වුවද මේ කියන්නට යන පුවත ඒ මතකය යලි අවදි කරනු නොඅනුමානයි.

Concorde යානය වැනි supersonic මගී ජෙට් යානයක් යලි අහසට ගෙන ඒමට පර්යේෂණ කරන ඇමරිකාව පදනම් කරගත් Boom Technology සමාගම ඔවුන්ගේ නව ගුවන්යානය වන XB-1 යානයේ මූලාකෘතියක් එළබෙන ඔක්තෝබර් 7 වනදා මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මෙය අනාගතයේදී එළිදැක්වීමට නියමිත Supersonic මගී ගුවන් යානයක ආරම්භක මාදිලියක් වන අතර, වාර්තා වන පරිදි මෙහි වේගය 1700mph තරම් ඉහළ අගයක් ගන්නවා.

Boom - XB-1
Boom Supersonic is making the world dramatically more accessible, starting with XB-1, a supersonic demonstrator that will prove key technologies for safe, efficient and sustainable supersonic travel.

පළපුරුදු එක්සත් ජනපද ගුවන් හමුදා නියමුවෙකු විසින් මෙම XB-1 යානයේ පරීක්ෂණ පියාසැරියක් 2021 කැලිෆෝනියාවේ Mojave Air and Space port එක හරහා සිදු කිරීමට නියමිත අතර මෙම අති නවීන තාක්ෂණය අතිශය වේගවත් සුපර්සොනික් මගී ගුවන් ගමන් සඳහා නැවත මගපාදනු ඇති.

යම් හෙයකින් මෙම XB-1 කුඩා පරීක්ෂණ යානය සාර්ථක වුවහොත් Boom Technology සමාගම බලාපොරොත්තු වන්නේ එහි මීළඟ පියවර ලෙස මගී ගුවන් යානයක් නිපදවීම වන අතර, Boom Overture ලෙස නම්කර ඇති මෙම මගී ගුවන් යානය ආසන 55ක් සහ තනි නියමු කුටියක් සහිතව නිර්මාණය කෙරෙනු ඇති අතර එහි විකුණුම් මිල ඩොලර් මිලියන 200ක් පමණ වන බවද වාර්තා වෙනවා.

XB-1 Supersonic Jet

Virgin Airlines හි හිමිකරු වන Richard Branson හා Japan Airline යන ගුවන් සමාගම මෙම Boom Overture ව්‍යාපෘතියට දැනටමත් ආයෝජනය කර ඇති බව Simple Flying වෙබ් අඩවිය වාර්තා කරන අතර ඔවුන් විසින් යානා 30 ක් සඳහා ඇණවුමක් දැනටමත් ලබා දී ඇති බව ද දැනගන්නට ලැබෙනවා.

Boom - Overture
Boom Supersonic is building a faster future. Our supersonic airliner will make the world dramatically more accessible—-at today’s business-class fares.

මේ අනුව පුරා වසර 17 ක් නිහඬව සිටි supersonic මගී ප්‍රවාහන ගුවන්යානා, යලිත් ශබ්ධයේ වේගය ඉක්මවා, අධිවේගයෙන් මගීන් ප්‍රවාහනය කරන දවස වැඩි ඈතක නොවන බව අනුමාන කල හැකි අතර "දෙගුණයක් වේගයෙන් පියාසර කළ හැකි නම්, ලෝකය දෙගුණයක් කුඩා වනු ඇත" යන Boom Technology සමාගමේ දැක්ම යථාර්ථයක් කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Express වෙබ් අඩවිය, ZeeNews වෙබ් අඩවිය, PRNewsWire වෙබ් අඩවිය සහ Digital Trends වෙබ් අඩවිය භාවිතා කළ හැක.