වසර ගණනාවක් තිස්සේ Google සමාගම විසින් නව ගැනුම්කරුවන් පොළඹවා ගැනිම සඳහා Chromebook හිමිකරුවන්ට විවිධ offers ලබාදෙන අතර මේ දින වලදි සෑම Chromebook පරිශීලකයෙකු හටම DOOM games දෙකක් නොමිලේ ලබාඳිමට Google සමාගම විසින් කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

පසුගිය වසරේදි DOOM සහ DOOM II යන Games දෙකම සියළුම Android devices සඳහා Google Play Store වෙත නිකුත් කරන ලද අතර මේ DOOM සහ DOOM II යන games  මුලින්ම release වුයේ පිළිවෙලින් 1993 සහ 1994 වර්ෂයන් වලදී ය.

DOOM - Apps on Google Play
Celebrate DOOM’s 25th anniversary with the re-release of the original DOOM (1993), including the expansion, Thy Flesh Consumed, is now available on Android devices. First released in 1993, DOOM introduced millions of gamers to the fast-paced, white-knuckle, demon-slaying action the franchise is know…
DOOM II - Apps on Google Play
Celebrate DOOM’s 25th anniversary with the re-release of DOOM II. This beloved sequel to the groundbreaking DOOM (1993) gave players the brutal Super Shotgun to bear against deadlier demons, and the infamous boss, the Icon of Sin. The re-release of DOOM II includes: - The Master Levels, 20 additi…

දැනට මිලදීගෙන ඇති Chromebook සඳහා මෙන්ම අලුතින් මිලදීගනු ලබන Chromebook සඳහා මෙම games දෙකම ඔබට නොමිලයේ ලබාගැනීමට හැකියාව ඇති අතර මෙය සාමාන්‍යයෙන් එකක් $4.99 බැගින් ගෙවා මිලදීගත යුතු වෙනවා.

මේ games දෙක මීට අදාල Google website එකේ “Get perk” button එක Click කිරිම මගින් Google Play Store හරහා නොමිලේ Download කර ගැනිමට අවස්ථාව ලබාදී තිබෙනවා.

Chromebooks Come with Perks - Google Chromebooks
Google Chromebooks come with exclusive perks, like apps to help take notes and edit photos and cloud storage from Google One.

කොහොම නමුත් මෙය නොමිලයේ ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම ඔබ Chromebook එකකින් එම website එකට පිවිසිය යුතු වන අතර වෙනත් පරිගණක වලින් හෝ smartphone වලින් පිවිසුනු අවස්ථා වලදී, පහත පෙනෙන පරිදි අදාල button එක අළු පැහැයෙන් දිස්වේ.

Chromebook හිමිකරුවන් හට ලබා ගත හැකි එකම Free game එක Doom Games පමණක් නොවන අතර මේ වන විට Stardew Valley, Fallout Shelter, Fishdom වැනි Games කිහිපයක් ද මේ ආකාරයෙන් නොමිලයේ ලබා ගැනිමට ඔවුන් හට හැකියාව පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Slashgear වෙබ් අඩවිය භාවිතා කළ හැක.