Web Browsers වල ඇති Autofill පහසුකම වඩාත් ප්‍රයෝජනවත් හා කාලය ඉතිරි කිරීමේ අංගයක් ලෙස හැදින්විය හැකිය.

එයට හේතුව මෙමඟින් ඔබට ඔබගේ passwords, payment methods සහ address වැනි තොරතුරු සියල්ලම මතක තබාගෙන සිටීමේ අවශ්‍යතාවය මගහරවා ගැනීමට හැකි අතර passwords, payment methods, address වැනි දේ ස්වයංක්‍රීයව පිරවීම සිදුවන බැවින් type කිරීම සදහා වැයවන කාලය ඉතිරි කරගැනීමේ හැකියාවක්ද පවතියි.

Google සමාගම විසින් ඔවුන්ගේ Chrome Browser එකේ autofill පහසුකම සඳහා නව UI එකක් හදුන්වා දෙමින් ක්‍රියාවලිය වඩාත් smooth කිරීමට සූදානම් වෙමින් සිටින බව මේ වන විට වාර්ථා වෙනවා.

පැරණි Chrome Autofill UI එක

පැරණි Autofill UI එක මඟින් passwords, payment methods, address ආදිය text box එකක් හරහා pop-up කර පෙන්වන අතර එවිට ඔබට අවශ්‍ය එකක් තෝරාගත් විට ඔබ තෝරාගත් selection එක මත පදනම්ව සම්පූර්ණ form එකම fill කරනු ලබන නමුත් ඔබ type කරන කොටුව සඳහා පමණක් ස්වයංක්‍රීයව පුරවන තොරතුරු භාවිතා කිරීමට ක්‍රමයක් නොමැත.

අලුත් Autofill UI එක

කොහොම නමුත් නව UI එක මගින්  keyboard එකට ඉහළින් කුඩා තීරුවක අදාල තොරතුරු පෙන්වන අතර මෙමගින් autofill තොරතුරු තිරස් අතට scroll කළ හැකි ලැයිස්තුවකින් ලබා ගත හැකිය.

එම menu එක තුළ, ඔබගේ ලිපින සහ කාඩ්පත් තොරතුරු ආදියෙන් එක් කොටසක් තෝරා ගැනීමට ඔබට හැකි අතර එමගින් ඔබ දැනට ටයිප් කර ඇති කොටුව පමණක් පුරවා ගැනීමට ඉඩ සලසනු ලබනවා.

Chrome Dev - Apps on Google Play
Welcome to Chrome Dev for Android! • Live on the bleeding edge: Try out our latest features. (They’ll be rough around the edges!)• Give early feedback: Let us know what you think and help make Chrome for Android a better browser. You can install Chrome Dev alongside other channels of Chrome for A…

Chrome Dev අනුවාදයේ 85 සංස්කරණයේ දැනට මෙම පහසුකම ලබාදී ඇති අතර මෙහි stable version එකක් අගෝස්තු මාසයේදී නිකුත්වනු ඇතැයි දැන්ට අපේක්ෂා කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Chrome Story වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.