Bybit ආයතනය CeylonCash සමග එක්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන Bybit Pay සේවාව පිළිබඳව දැන ගනිමු
Bybit ආයතනය, CeylonCash (Pvt) Ltd සමග එක්ව ශ්‍රී ලංකාවට Bybit Pay නම් crypto-payment solution එකක් නැතහොත් cryptocurrency හරහා වෙළෙඳ ව්‍යාපාර සඳහා ගෙවීම් ලබාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වෙළඳසැල් (physical merchants) සහ අන්තර්ජාලය හරහා digital ව්‍යාපාර කරන අයට cryptocurrency හෙවත් crypto මගින් ගෙවීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් solutions සහ creator economy වැනි ක්ෂේත්‍ර වර්ධනය වීමත් සමඟ විකල්ප ගෙවීම් ක්‍රම හෙවත් alternative payment methods සඳහා ඇති ඉල්ලුමත් හේතුවෙන් මෙරටට Bybit Pay සේවාව හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
මේ හරහා Bybit Pay සේවාව ක්‍රමවේද (strategy) කොටස් දෙකකින් ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ වෙළඳසැල් සඳහා Android-based POS devices ලබා දීම සහ online වෙළෙන්දන් මෙන්ම digital influencers ලා ද මෙම ජාලයට සම්බන්ධ කර ගැනීමයි.
මීට අමතරව, digital merchants ලා 50කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කරගැනීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා Instagram shops සහ Facebook sellers වැනි ඔන්ලයින් ව්‍යාපාරිකයන්ව දැනුවත් කිරීමට lifestyle, tech සහ finance ක්ෂේත්‍රවල influencer partnerships දියත් කිරිමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.
මේ ඔස්සේ ඕනැම ව්‍යාපාරිකයෙකුට Bybit Pay භාවිතා කිරීමෙන් වාසි කිහිපයක්ම ලැබෙනවා. ගෙවීම් ක්ෂණිකව real-time සිදු වීම, දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් භාරගැනීමේ හැකියාව, සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා ගාස්තු අවම වීම (Cost), ගනුදෙනු වල ආරක්ෂාව (Security) සහ වංචා අවදානම් (fraud risks) නොමැති වීම මෙන්ම, ගෙවීම් crypto ලෙස හෝ සාමාන්‍ය මුදල් (fiat) ලෙස settlement කරගැනීමේ නිදහස (Flexibility) එක ද මෙහි ප්‍රධාන වාසි ලෙස හඳුන්වා දී තිබෙනවා.
මෙම සේවාව ආරම්භ කිරීම සඳහා, Whitelist කර තෝරාගත් physical වෙළඳසැල් 50කට POS උපාංග (devices) ලබා දීමටත්, ඩිජිටල් වෙළෙන්දන් (digital merchants) 50 දෙනෙකු සම්බන්ධ කර ගැනීමටත් නියමිතයි. මේ ඔස්සේ වෙළෙන්දුන් 100කට මේ හරහා අවස්ථාව හිමිවෙනවා. සුදුසුකම් (eligibility criteria) සපුරාලන පළමු ව්‍යාපාරිකයන් 50 දෙනාට රුපියල් 150,000 ක් වටිනා POS උපාංග නොමිලේ ලබාදීම විශේෂ වෙනවා.
Bybit Pay සේවාව සඳහා සපුරාලිය යුතු සුදුසුකම් (eligibility criteria)
- ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කළ ව්‍යාපාරයක් විය යුතුවීම.
- මසකට අවම රුපියල් 200,000 ක ගනුදෙනු පරිමාවක් (minimum monthly transaction volume) සපුරා තිබීම.
- crypto ගෙවීම් ප්‍රවර්ධනය කිරීමට (promote crypto payment awarness) දායක විය යුතු වීම.
මෙහිදි physical වෙළඳසැලක් හෝ online presence එකක් තිබීමත් සුදුසුකමක් වෙනවා. සුදුසුකම් සපුරන ව්‍යාපාරිකයන්ට merchant application form එකක් හරහා අයදුම් කිරීමට ඔබට පහත සබැඳිය භාවිතා කළ හැක. මෙහිදි business registration, location details සහ transaction history වැනි තොරතුරු ලබා දිය යුතුයි. ව්‍යාපාරයේ නීත්‍යානුකූලභාවය (legitimacy) සහ crypto adoption සඳහා ඇති කැපවීම මත පදනම්ව අවසන් තෝරාගැනීම සිදු කෙරෙනවා.
Bybit Pay සේවාව සහ Bybit Card අතර වෙනස්කම්
මෙහිදී Bybit Pay සහ Bybit Card යනු එකිනෙකට වෙනස් සේවා දෙකක් බව තේරුම් ගැනීම වැදගත් වෙනවා.
Bybit Pay යනු ව්‍යාපාරිකයන්ට (merchants) crypto payments ලබාගැනිම සඳහා සපයන සේවාවක් වන අතර Bybit Card යනු සාමාන්‍ය පාරිභෝගිකයෙකුට තමා සතුව පවතින crypto මුදල් භාවිතා කර, Mastercard හෝ Visa වැනි ලොව පිළිගන් ඕනෑම store එකක වියදම් කිරීමට ඉඩ සලසන කාඩ්පතක් වනවා. එමෙන්ම Bybit Card භාවිතයේදී 2% ක foreign exchange fee (FX), conversion fee වැනි ගාස්තු අය කිරීමක් සිදු කරන නමුත් Bybit Pay සේවාව භාවිතයේදී කිසිදු අමතර ගාස්තුවක් අය කිරිමක් සිදු නොකරයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bybit Announcement වෙබ් අඩවිය සහ CeylonCash Facebook පිටුව භාවිතා කළ හැක.