ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන Web3Ceylon 2025 - Web3 Blockchain Tour එක පිළිබඳව දැන ගනිමු
CeylonCash කියන්නේ ලංකාවේ Crypto Communities වල එකමුතුවක් වගේම ශ්‍රී ලංකාවේ Cryptocurrency ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියා කරන කණ්ඩායමක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඔවුන් විසින් trading volume එක අනුව ලොව දෙවන විශාලතම Crypto Currency Exchange එක වන ByBit සමඟ එක්ව Web3Ceylon නමින් blockchain අධ්‍යාපන වැඩසටහන් මාලවක් පැවැත්වීමට සූදානමින් සිටිනවා.
ByBit විසින් ලෝකයේ crypto ප්‍රජාවේ ප්‍රවර්ධනය සඳහා ස්ථාපනය කර තිබෙන (CSR) ව්‍යාපෘතියක් මෙන්ම Bybit හි 2025 ලෝක වෙළඳ මාලාවේ (WSOT) කොටසක් වන Bybit Rising Fund ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමට CeylonCash සහ ByBit අත්වැල් බැදෙගෙන තිබෙනවා.
එමෙන්ම පවතින ඩිජිටල් ආර්ථිකයේ සීඝ්‍ර ප්‍රවර්ධනය සහ ඉහළ ජංගම දුරකථන භාවිතය මත blockchain, crypto currencies කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබෙන පසුබිමක Web3 ක්ෂේත්‍රයේ පවතින විප්ලවීය අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය පසුබිම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සැකසී තිබෙනවා.
පුරා දින 04 කදී ජාතික මට්ටමෙන් අධ්‍යාපනික වැඩසටහන් මාලවක් ලෙස කොළඹ, නුවර, ගාල්ල, ඇල්ල යන ලංකාවේ විශේෂ නගර 04 ක් පාදක කරගනිමින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන් මාලාව තේමා 04 කින් යුතුව පැවැත්වීමිට කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අනුව මෙහි පළමු වන වැඩසටහන වන Creators and Storytellers - සැප්තැම්බර් මස 17 වන දින ගාල්ල නගරයේදීත්, දෙවන වැඩසටහන වන Developers & Builders - සැප්තැම්බර් මස 20 වන දින කොළඹ නගරයේදීත්, තෙවන වැඩසටහන වන Business & Freelancers - සැප්තැම්බර් මස 28 වන දින නුවර නගරයේදී සහ සිව්වන වැඩසටහන Retreat & Global Connect with Community Leads - ඔක්තෝම්බර් මස 12 වන දින ඇල්ල නගරයේදී පැවැත්වීමට නියමිතයි.
වැඩසටහන් මාලාව
- ගාල්ල – Creators and Storytellers
- කොළඹ – Developers & Builders
- නුවර – Business & Freelancers
- ඇල්ල – Retreat & Global Connect with Community Leads
මෙමගින් Web3 සහ Blockchain තාක්ෂණයන් පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ Crypto ප්‍රජාව සඳහා blockchain ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට දැනුම බෙදා ගැනීමට මෙන්ම විශේෂාංග රැසකින් සමන්විත මෙම අධ්‍යාපනික වැඩසටහන් මාලාව ඔස්සේ අවස්ථාව ලැබෙනවා.
එමෙන්ම Blockchain තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අනාගතයක් සහ ආර්ථිකයක් සඳහා අවශ්‍ය දැනුම, තොරතුරු පියවරෙන් පියවර සෑම නගරයකම සෑම කෙනෙකුටම සමීප කරවීමට සහ ඩිජිටල් ආර්ථිකය සමඟ අනාගත පරපුර සවිබල ගැන්වීමේ මුලික අරමුණින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන් මාලාව ඔස්සේ,
- දවස් 04 කදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 4ක් ආවරණය කරමින් සාමාජිකයින් 600ක් දක්වා සහභාභාගීවීමේ අවස්ථාව.
- wallets, smart contracts, සහ Web3 ව්‍යාපෘතියක් ගොඩනැගීමේ මූලික කරුණු පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු හරහා දැනුම ලබා දීම.
- Web3 ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට සහ blockchain සම්බන්ධ සැබෑ ලෝකයේ case studies ඔස්සේ එහි තාක්ෂණය, භාවිතය, ප්‍රයෝජන, සහ ව්‍යාපාරික පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
- ශ්‍රී ලංකාව තුළ වර්ධන අවස්ථා නිර්මාණය කිරීමට සහ ලාංකීය ප්‍රජා අවශ්‍යතා සපුරාලීමට මාර්ගෝපදේශ සහ දැනුම ඇතුළු creators, builders සහ ව්‍යවසායකයින් එක්රැස් කරමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව හිමි වෙයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Web3Ceylon වෙබ් අඩවිය සහ CeylonCash Luma Community එක භාවිතා කළ හැක.