Boeing 737 Max යනු Boeing සමාගම විසින් හඳුන්වාදෙන ලද වඩාත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු වාණිජ ගුවන් යානයක් වන අතර එයට ලොව පුරා ගුවන් සමාගම් වලින් පැවතියේ විශාල ඉල්ලුමක්.

මෙම යානයේ ඇති කාර්යක්ෂමතාවය නිසාම ලොව පුරා ගුවන් සමාගම් වලින් තුන් දහස ඉක්මවූ ඇනවුම් ප්‍රමාණයක් මේ Boeing 737 Max යානා වෙනුවෙන් ලැබුණු අතර වර්තමානය වන විට යානා 387 ක් පමණ විවිධ ගුවන් සමාගම් සතුව පවතිනවා.

නමුත් එම ඉල්ලුම උඩුයටිකුරු කරමින් Boeing සමාගමට විශාල මූල්‍ය අර්බුදයක් පවා ඇති කරන්නට සමත් වූ ගුවන් යානය වන්නේ ද මෙම 737 Max යානය වන අතර ඊට හේතුව වූයේ මාස 5 ක් ඇතුලත මෙම වර්ගයේ යානා දෙකක් කඩා වැටීම හා ඒ හේතුවෙන් පුද්ගලයින් 346 ක් පමණ මියයෑමේ සිදුවීමයි.

ඉන්දුනීසියාවේ Lion Air ගුවන් සමාගමට හා Ethiopian Airline යන සමාගම් දෙකට අයත් මෙම Boeing 737 Max ගුවන් යානා දෙක කඩා වැටීමේ අවාසනාවන්ත සිදුවීම් ද්විත්වය එකල ලොව කැළඹීමට පත්කල අතර එම සිදුවීම ඔබටද මතක ඇතිවාට සැකයක් නැහැ.

Boeing සමාගම යානය කඩා වැටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කළ අතර එහිදී සොයා ගැනුණේ ගුවන් යානය, එහි නියමුවන්ගේ විධාන ඉක්මවා ක්‍රියාත්මක වන බවයි.

ඉතියෝපියානු ගුවන් යානා අනතුර සිදුවීමට හේතු වූ තාක්ෂණිය දෝශය ගැන ගැන පැහැදිළිව දැනගනිමු
Boeing 737 Max [https://en.wikipedia.org/wiki/Boeing_737_MAX] 8 යන මාදිලියට අයත්දෙවෙනි යානය පුද්ගලයින් 157 දෙනෙකු සමඟ පසුගිය මාසයේ ඉතියෝපියවේදී විනාශ විය. මීටපෙර ඉන්දුනීසියාවේදී ගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී ද මෙම මාදිලියේම ගුවන් යානයක්අනතුරට පත්විය. මේ වන විට සමාජ මාධ්‍ය ජාලය හරහා ඉතියෝපියානු ගුවන…

මෙම දෝශය නිසා ඇතැම් අවධානම් අවස්ථා වලදී යානය ඉහලට ගමන් කිරීමට විධාන ලබා දෙන විට එය ඉහලට ගමන් කරනවා වෙනුවට පහළට ගමන් කිරීම සිදුවන බව විශ්ලේෂකයන් විසින් සොයාගනු ලැබුවා.

‍කොහොම නමුත් මෙම දෝෂ නිවැරදි කරන ලද නව පාලක පද්ධතියක් සමඟ 737 Max යානය පරීක්ෂණ පියාසැරි සිදු කිරීම Boeing සමාගම දැන් සූදානම් වන අතර එම පරීක්ෂණ පියාසැරි FAA (Federal Aviation Administration) හි ගුවන් නියමුවන් විසින් සිදු කරනු ලබනවා.

එමෙන්ම ඔවුන් විසින් මෙම නව පාලක පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ ඇගැයීමක් ද සිදු කිරීමට නියමිත වෙනවා.

මෙම පරීක්ෂණ පියාසැරි ප්‍රතිඵල analyse කිරීම සඳහා සති කිහිපයක් ගත වනු ඇති අතර මෙම පරීක්ෂණ පියාසැරි සාර්ථක වුව ද ඊට වාණිජ ගුවන් ගමන් සඳහා එක් වීමට නම් ගුවන් නියමුවන් මෙම නව පාලක පද්ධතිය වෙත පුහුණු කිරීම මෙන්ම යුරෝපීය සහ කැනේඩියානු නියාමකයින්ගෙන් අවසර ලබා ගැනීම ද අවශ්‍ය වනවා.

මේ නිසා Boeing 737 Max යානයට යළි අහස ජය ගැනීමට නම් තවත් ටික කාලයක් බලා සිටීමට සිදු වනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.