Microsoft සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන Bill Gates පිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙකු නොමැති තරම්.

2000 වර්ෂය වන විට ඔහු Microsoft සමාගමේ CEO, එහෙමත් නැතිනම් ප්‍රධාන විධායක නිළධාරී තනතුරින් ඉවත් වී Bill and Melinda Gates පදනමේ වැඩකටයුතු වෙනුවෙන් තම කාලය යෙදවීමට කටයුතු කළ මොහු මේ වන විට Microsoft සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ද ඉවත් වීමට කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් තවදුරටත් Microsoft සමාගමේ දැනට සිටින CEO වරයා වන Satya Nadella හට “technology advisor” වරයෙකු එනම්, තාක්ෂණික උපදෙස් ලබාදෙන්නෙකු ලෙස ඔහු කටයුතු කරනු ඇති අතර ඔහුගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ලෝක සෞඛ්‍යය, සංවර්ධනය, අධ්‍යාපනය සහ ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට සහාය වීම වැනි කටයුතු සඳහා යොමු කිරීමට බළාපොරොත්තු වන බව නිළ නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම වාර්ථා කරනවා.

Microsoft announces change to its board of directors - Stories
REDMOND, Wash. — March 13, 2020 — Microsoft Corp. today announced that Co-Founder and Technology Advisor Bill Gates stepped down from the company’s Board of Directors to dedicate more time to his philanthropic priorities including global health, development, education, and his increasing engagement …

මොහුගේ මේ නික්මයෑමන් පසුව Microsoft සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් පිරිස 12ක් වනු ඇති අතර 80 දශකයේ සිට මේ දක්වා වූ කාලය තුළ Microsoft සමාගමේ කටයුතු වලට Bill Gates ගේ මැදිහත්වීම මේ තරම් අවම වූ පළමු අවස්ථාව මෙය වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.