දශක පහකට පසු මිනිසා හඳට ගෙනයන්න Artemis 1 මෙහෙයුම දියත් කරයි
දශක පහකට පසු නැවත මිනිසා සඳමතට ගෙනයාමේ මෙයුමක් නොවැම්බර් 16 වන දින NASA ආයතනය විසින් දියත් කළ අතර මෙම මෙහෙයුම සඳහා Artemis 1 යන නම ලබා දී තිබුණා.
Apollo මෙහෙයුමෙන් පසුව නැවත චන්ද්‍රයා මතට මිනිසුන් ගොඩ බැසීම සඳහා NASA ආයතනය දියත් කරන Artemis මෙහෙයුමේ පළමු අධියරය ලෙසින් Artemis 1 මෙහෙයුම එක්සත් ජනපදයෙහි පිහිටි Kennedy අභව්‍යකාශ මධ්‍යස්තානයේ සිට දියත් කෙරුණා.
We are going.
— NASA (@NASA) November 16, 2022
For the first time, the @NASA_SLS rocket and @NASA_Orion fly together. #Artemis I begins a new chapter in human lunar exploration. pic.twitter.com/vmC64Qgft9
NASA ආයතනය විසින් Artemis මෙහෙයුම සඳහාම නිර්මාණය කල Space Launch System එකක් හෙවත් SLS නමින් හඳුන්වන rocket එක විසින් මෙම මෙහෙයුම දියත් කරන ලද අතර මෙම මෙහෙයුමට කිසිඳු අභව්‍යකාශ ගාමියෙකු සහභාගි නොවීය.
පෙරදී සඳහන් කරන ලද SLS rocket එක සහ අනාගත මෙහෙයුම් වලදී මිනිසුන් රැගෙන යාමට අපේක්ෂිත Orion නම් Crew Capsule එක පරීක්ෂා කිරිම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වන අතර ඊට අමතරව ලොව පුරා විශ්වවිද්‍යාල සහ අභව්‍යකාශ ආයතන මඟින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා සහ Landers චන්ද්‍රයා වෙත රැගෙන යාමත් මෙම Artemis 1 මෙහෙයුමේ ඉලක්කයක් වෙනවා.
මෙම Artemis 1 මෙහෙයුමට යොදාගත් SLS රොකට්ටුව මෙතෙක් දියත් කරන ලද බලවත්ම rocket එක වන අතර එහි එක් දියත් කිරීමකට ඇමරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් වැයවි ඇති බව සඳහන් වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Space News වෙබ් අඩවිය සහ NASA නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.