Apple සමාගම විසින් ඔවුන්ගේ AirPower wireless charging mat නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි
2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ AirPower කියන wireless charging mat එක එළිදක්වන්නට කටයුතු කළත්, මේ වන තුරු එය වෙළඳපොලට නිකුත් කළ බවක් නම් දකින්නට ලැබුණේ නැහැ.
නමුත් ඔන්න දැන් මේ AirPower wireless charging mat නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙන බව නිළ නොලත් ආරංචිමාර්ග විසින් ප්රකාශ කර තිබෙනවා.
මේ අනුව Hong Kong පාදක කරගෙන පවත්වාගෙන යන වෙබ් අඩවියක් වන ChargerLAB වෙබ් අඩවිය විසින් ප්රකාශ කරන අන්දමට Luxshare Precision කියන චීන නිෂ්පාදකයා විසින් මෙම AirPower උපාංග නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති අතර නුදුරේදීම මේවා වෙළඳපොලට ලඟා වනු ඇති බව ඔවුන් ප්රකාශ කරනවා.
Breaking: AirPower is finally coming. We just learned from credible source in supply chain that the manufacture Luxshare Precision has already started producing Apple AirPower wireless charging pad. Luxshare Precision is also the maker of Apple AirPods and USB-C cables. pic.twitter.com/UqgWIAh3sx
— ChargerLAB (@chargerlab) January 12, 2019
Apple AirPower: Another source claims Pegatron is set to start mass produce AirPower at Jan 21. Pegatron is also an Apple OEM in Asia. The company employee says AirPower has total three layers of coils in 8-7-7 configuration from bottom to top. pic.twitter.com/xsboO47PGR
— ChargerLAB (@chargerlab) January 12, 2019
මේ AirPower නමින් හඳුන්වනු ලබන wireless charging mat එක හරහා iPhone එකක්, Apple Watch එකක් සහ Apple AirPods යුගලයක් යන devices ත්රිත්වයම එක වර charge කිරීමේ හැකියාව ලැබෙන බව Apple සමාගම විසින් මීට ඉහතදී පෙන්වා දෙනු ලැබුවා.
එමෙන්ම මෙය 2017 වර්ෂයේදී මුළින්ම එළිදැක්වීමට කටයුතු කළ බැවින් බොහෝ දෙනා බළාපොරොත්තු වූයේ 2018 වර්ෂය වන විට මෙය වෙළඳපොලට ලඟාවනු ඇති බව වුවත් දැනගන්නට ලැබෙන තොරතුරු අනුව එකවර devices තුනක් charge කිරීමට තැත් කිරීමේදී පැන නැගුණු තාක්ෂණික දෝශයක් නිසා මෙය ප්රමාද වී තිබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.