මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් EarPods හෝ power adapter එක නොමිලයේ ලබා නොදීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

MacRummors, The Verge, 9to5Mac යන ප්‍රධාන තාක්ෂණික පුවත් පළ කරනු ලබන වෙබ් අඩවි විසින් වාර්ථා කරන පරිදි මේ වන විට power adapter එකක් ලබා දෙන iPhone SE මාදිලියෙන් මෙන්ම 2020 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් ද මේ ආකාරයෙන් charger එක සහ EarPods ලබා නොදෙන බව වාර්ථා වෙනවා.

iPhone ජංගම දුරකථන 5G වලට upgrade කිරීමෙන් පාරිභෝගිකයින් හට දරාගැනීමට සිදු වන මිළ ඉහළ යෑම අවම කිරීම වෙනුවෙන් මෙම තීරණය ගැනීමට Apple සමාගම පෙළඹී ඇති බවත්, කුඩා packing එකක් සමඟින් නිකුත් කරනු ලබන iPhone බෙදාහැරීමේදී ද ඒ සඳහා යන වියදම අවම කර ගැනීමට මේ අනුව හැකියාව ලැබෙනවා.

මේ අනුව iPhone 12 ජංගම දුරකථනය සමඟින් ලබා දෙන එකම accessory එක වන්නේ lightning cable එක පමණක් වනු ඇති බව මෙම සමීක්ෂණය සිදු කළ Barclays ආයතනයේ සේවය කරනු ලබන Ming-Chi Kuo විසින් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම වසරේදී Apple සමාගම විසින් ඔවුන්ගේ 5W power adapter එක සහ 18W power adapter එක නිෂ්පාදනය කිරීම නවත්වාදැමීමට සූදානමින් සිටින අතර ඒ වෙනුවට නවතම 20W power adapter එක නිෂ්පාදනය කිරීම ආරම්භ කරනු ලබනවා.

නමුත් මේ 20W power adapter එක අවශ්‍යය පරිශීලකයින් හට එය වෙනමම මුදල් ගෙවා මිලදීගත යුතු වන අතර කිසිඳු iPhone ජංගම දුරකථනයක් සමඟින් එය නොමිලයේ ලබාදීමට Apple සමාගම කටයුතු නොකරනු ඇති බව ද මොවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ පිළිබඳව Apple සමාගම විසින් තවමත් නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර මෙය Apple සමාගමට සේවාවන් සහ අමුද්‍රව්‍යය සපයන්නන්ගෙන් ලබාගන්නා ලද තොරතුරු අනුව නිකුත් කළ අනාවැකියක් පමණක් බව මතක තබාගතු යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Mac Rumors වෙබ් අඩවිය, Apple Insider වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.