Apple සමාගම විසින් ඔවුන්ගේ Mac පරිගණක සඳහා Intel processors වෙනුවට ARM-based chips භාවිතයට යොමුවීමට සූදානම් වෙමින් සිටින බව මින් පෙර ලිපියක් හරහා අප ඔබව දැනුවත් කළා මතක ඇති.

Apple ආයතනය විසින් Mac පරිගණක සඳහා Intel වෙනුවට ARM-based processors භාවිතයට යොමු වන ලකුණු
Apple සමාගම මේ මාසයේ පැවැත්වීමට නියමිත WWDC 2020 හිදී Intel processors වලින්තමන්ගේම ARM-based chips වෙත මාරු වීමට සූදානම් වන බව නිළ වශයෙන් නිවේදනය කරනුඇතැයි මේ වන විට Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා[https://www.bloomberg.com/news/articles/2020-06-09/apple-plans-to-announce-move-to-its-own-mac-chips-at-wwdc…

ඒ අනුව Apple සමාගමෙහි ARM-powered Mac පරිගණක 2021 වන විට එළිදක්වනු ඇතැයි අපේක්ෂා කළ නමුත්, මේ වනවිට Leakster කෙනෙකු වන Jon Prosser විසින් වාර්තා කරන ආකාරයට ARM Mac event එක නොවැම්බර් 17 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම Apple සමාගම විසින් නොවැම්බර් 10 වනදා මෙම event එක පිළිබඳව නිළ වශයෙන් තහවුරු කරනු ඇතැයි ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

නිළ නොවන තොරතුරු වලට අනුව, අඟල් 12 ක MacBook එකක් ARM-based chipset එකකින් බලගැන්වෙන පළමු macOS device එක වනු ඇති අතර එයට භාවිතා වන chipset එක iPhone සහ iPad වල භාවිතා වන A14 chip එකෙහිම නවීකරණය කරන ලද version එකක් වන Apple A14X chip එකක් බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව Apple සමාගම විසින් නිළ වශයෙන් තහවුරු කර නොමැති බව නැවතත් සඳහන් කළයුතු වෙනවා.

Mac lineup එක මුළුමනින්ම Apple සමාගමේ silicon chips වලින් බලගැන්වීමට වසර දෙකක් පමණ ගතවනු ඇතැයි Apple සමාගම විසින් අපේක්ෂා කරන බැවින් තවත් generation එකක් හෝ දෙකක් පමණ Intel-powered Macs දැකගැනීමට හැකියාව ඇති බවද වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSMArena වෙබ් අඩවිය සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.