තාක්ෂණයේ දියුණුවත් සමඟ තාක්ෂණික උපාංග ද දිනෙන් දින දියුණු වෙමින් තිබෙන අතර මේ හේතුව නිසා ම එදිනෙදා අප විසින් භාවිතා කරන බොහෝ දේ digital ක්‍රම වෙත මාරු වෙමින් පවතී.

මෙයට හොඳම උදාහරණයක් ලෙස, සාමාන්‍යය මෝටර් රථ යතුර වෙනුවට තමන්ගේ iPhone එක භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට Apple සමාගම සූදානමින් සිටීම පෙන්වා දිය හැකි වෙනවා.

WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳව දැනගනිමු
ජුනි මස 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2020 event එක, online eventඑකක් ලෙස පැවැත්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියමකරයිසාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Co…

මේ වන විට Apple උපාංගයකට යම් අයෙකුගේ අනන්‍යතාවයක් ආරක්ෂිතව store කරගැනීම සහ transfer කිරීම සිදු කල හැකි නව පද්ධතියක් පිළිබඳව Apple සමාගමේ අවධානය යොමු වී ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ සඳහා ඇපල් සමාගම විසින් 'Providing Verified Claims of User Identity' යන title එක යටතේ patent බලපත්‍ර කිහිපයක් සඳහා ඉල්ලුම් කර තිබෙන අතර ඒවාට අනුව Apple උපාංගයක් භාවිතා කරමින් යම් පුද්ගලයෙකුගේ අනන්‍යතාවයක් ආරක්ෂිතව record කර ගැනීමට, ඒවා transfer කිරීමට හා එම තොරතුරු අදාල උපාංගය ඔස්සේම තහවුරු කර ගත හැකි නව පද්ධතියක් පිළිබඳ තොරතුරු ඇතුලත් වෙනවා.

මේ අනුව යම්කිසි ආකාරයකින් Apple device එකක් භාවිතා කරන පරිශීලකයෙකු තමන්ගේ identity එක මීට පෙර (එක් identity verification provider කෙනෙකු හෝ providers කිහිප දෙනෙකු භාවිතා කරමින්) යම් අයුරකින් තහවුරු කර ඇත්නම්, ඉන් පසුව biometric sensors භාවිතා කරමින් ඒ බව verify කිරීමේ ක්‍රමයක් ලැබෙනු ඇති අතර, එම පුද්ගලයාගේ අනන්‍යතාවය server-side එකෙන් අදාල පාර්ශවයට තහවුරු කෙරෙනු ලැබෙනවා.

කොහොම වුණත් යම් අනන්‍යතාවයක් තහවුරු කිරීම යනු එය අදාළ රටේ රජය විසින් තහවුරු කිරීම වන අතර ඒ නිසා මෙම නව පද්ධතිය හදුන්වා දීම මගින් පැහැදිලි වන්නේ රජය සහ පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් පරික්ශා කරන ස්ථාන එනම්, ගුවන්තොටුපල, පොලිසිය වැනි ආයතන එකිනෙක යා කරන පාලමක් බවට පත්වීමට Apple සමාගම සූදානම් වන බවයි.

එමෙන්ම මීට පෙර Apple සමාගම විසින් ආරක්ෂිතව govenrment ID භාවිතා කිරීමේ පහසුකමක් නිර්මාණය කර ඇති අතර එය මේ වන විටත් ජර්මානු සහ එකසත් රාජධානියේ projects සඳහා භාවිතා කරනු ලැබෙන බවත් වාර්ථා වෙනවා.

අනාගතයේ මිනිසුන් සතු විය යුතු එකම උපාංගය Apple උපාංගයක් විය යුතු බව Apple සමාගමේ මෙම නව පද්ධතිය මගින් ඉඟි කරන නමුත් මෙහි ඇති අභියෝගාත්මක පැත්ත වන්නේ smart උපාංග යනු නිරන්තරයෙන් හැකර්වරුන්ගේ ග්‍රහණයට හසුවන දේවල් බැවින් ඔබගේ smart උපාංගය, ඔබගේ විදේශ ගමන් බලපත්‍රය වනු ඇති බව දැන ගැනීම බිය උපදවන සුළු තත්ත්වයක් වීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Apple Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.