Google search වෙත අභියෝග කරමින් Search Engine industry එකට පිවිසීමට Apple සමාගම සූදානම් නොමැති ද?

ලෝකේ දැවැන්තම සහ ඉහළම තාක්ෂණයක් සහිත සමාගමක් වන Apple සමාගම, search engine සඳහා වන Google ඒකාධිකාරය බිඳ දැමීමට ලොව ඇති බලවත් ම සමාගමක් ලෙස බැලූ බැල්මට පෙනුණත්, ඇත්තටම Apple සමාගම ඒ සඳහා උත්සාහයක් හෝ නොගන්නේ මන්දැයි යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක්.

Google වෙනුවට, තමන්ගේම Search Engine එකක් නිර්මාණය කිරීමට Apple සමාගම සූදානම් වන ලකුණු
Google යනු මේ වන විට ලොව ජනප්‍රියතම Search engine එක වන බව අවිවාදාත්මක වන අතර PC හෝ Mobile හෝ Tab යන ඕනැම Platform එකක එක සේ සාර්ථක වීමට මෙම Google Search මේ වන විට සමත් වී

Washington DC හි ෆෙඩරල් උසාවියකට ලිඛිත ප්‍රකාශයක් ලබාදෙමින් Apple හි Senior vice president of service තනතුරේ කටයුතු කරන, Eddy Cue විසින් මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දී තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශය අනුව මේ සඳහා බලපාන ලද ප්‍රධාන හේතු කිහිපයක් හඳුනාගත හැකියි.

1 - අධික වියදම් සහිත සහ කාලයක් වැය වෙන ක්‍රියාවලියක් වීම.

නව search engine එකක් නිර්මාණය කිරීම, Apple සතු ඩොලර් බිලියන ගණනක් වැය කිරීමට සිදුවන දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇති අතර, එය වඩා වැදගත් සහ වටිනාකමින් වැඩි වෙනත් Apple ව්‍යාපෘති සඳහා මූල්‍යමය බාධාවක් වීමට ඉඩ තිබීම. එමෙන්ම Eddy Cue විසින් පෙන්වා දෙන්නේ ඒ සඳහා විශාල කාලයක් ද වැය කිරීමට තම සමාගමට සිදුවෙන බවයි.

2 - වේගයෙන් වෙනස් වන කර්මාන්තයක් වීම නිසා

Search engine industry එක යනු වර්තමානයේ වේගයෙන්ම වෙනස් වන industry එකක් වෙන අතර විශේෂයෙන්ම AI තාක්ෂණය හා බද්ධ වීම නිසා එය දිනෙන් දිනා යාවත්කාලීන වෙමින් තිබෙනවා. අනාගතයෙදී මෙම AI Model විසින් Search Engine හි අවශ්‍යතාවයද නැති කර දමනු ඇති.
එවැනි පසුබිමක් තුළ වේගයෙන් වෙනස් වන Industry එකක ආයෝජනය කිරීම අවදානම් සහ අස්ථාවර බවයි Apple සමගමේ මතය වන්නේ.

Benchmark අතික්‍රමණය කරන බලවත් AI එකක් OpenAI සමාගමෙන්
o1 වලින් පසුව o2 නැතුව o3 ලෙස තම නව AI මොඩලයන් නම් කරන්න OpenAI සමාගම වෙත හේතුවක් තියෙනවා.

3 - Privacy සම්බන්ධ ගැටලුව

Apple යනු පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම ප්‍රමුඛතම ස්ථානයේ සලකා කටයුතු කරන සමාගමක්. විශේෂයෙන්ම search engine යනු ව්‍යාපාර ඉලක්ක කරගත් දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන් මුදල් උපයන කර්මාන්තයක් සහ ඒ සඳහා පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත වඩා නිරාවරණය කිරීමට සිදුවන කර්මාන්තයක් වෙනවා.

මෙලෙස පරිශීලක දත්ත හුවමාරුව, Apple හි ප්‍රමුඛතම අභිමතාර්ථයට සම්පූර්ණයෙන්ම පටහැනියි.

අනෙක් අතට, මෙලෙස search advertising යනු Apple හි ව්‍යාපාරික මොඩලය නොවට බවට ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන කරුණක්.

Apple හි Senior vice president of service තනතුරේ කටයුතු කරන, Eddy Cue - iphoneaddict.fr

4 - අවශ්‍ය විශේෂඥ දැනුම නොමැතිවීම.

Google search සමඟ තරග කිරීමට නම් Google search වලට වඩා යම් දෙයක් Apple විසින් පරිශීලකයින්ට ලබාදිය යුතුයි. එසේ නොවුණත් එය " තවත් එක් Search Engine එකක්" පමණක් වනු ඇති අතර පරිශීලයකින් රඳවා තබා ගැනීමටද නොහැකි වෙනවා.
කොහොම නමුත් Apple සතුව දැනට එවැනි විශේෂඥ දැනුමක් නොමැති අතර, ඒ සඳහා අවශ්‍ය කණ්ඩායමක් හෝ යටිතල පහසුකම් වත් Apple සතුව නොමැතිවීමත් තවත් හේතුවක්.

ඉතින් මෙම කරුණු සියල්ලම සලකා බැලූ කල පැහැදිලි වන දෙයක් නම් Search engine එකක් නිර්මාණය කිරීම, Apple සමාගම සලකන්නේ අනවශ්‍ය දෙයක් ලෙස වන බවයි.

ඒ අනුව Apple සමාගම Search Engine එකක් නිර්මාණය කිරීම වැනි අවදානම් සහගත ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම වෙනුවට, එය තවදුරටත් Hardware and software innovation, AI(Apple intelligence) සහ AR( Augmented reality) වැනි ව්‍යාපෘති වලට මූලිකත්වය ලබාදෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා macrumors.com වෙබ් අඩවිය සහ androidauthority.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.