මෙම Covid-19 සමයේ social distancing, එහෙමත් නැතිනම් සමාජ දුරස්තාවය ඉතාමත් වැදගත් කාරණාවක් වන නිසාවෙන් අපට අපේ සමීපතමයන් වුවත් ඉතාමත් කල්පනාකාරීව ඇසුරු කිරීමට සිදුව තිබෙනවා.

මේ නිසාවෙන් group selfies ගැනීම මේ වන විට ඉතාමත් අවධානම් කටයුත්තක් බවට පත්වී තිබෙන නමුත් Apple සමාගම විසින් මේ සඳහා විසඳුමක් සොයාගෙන ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Synthetic group selfies, එහෙමත් නැතිනම් “කෘත්‍රිම කණ්ඩායම් සෙල්ෆි” නිර්මාණය කරන මෘදුකාංගයක් සඳහා Apple සමාගම විසින් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර Protocol වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි මේ හරහා ඔබගේ මිතුරන් වෙන වෙන ස්ථාන වල සිටියත්, සියළුදෙනා හට online ලෙස සම්බන්ධ වී එක් selfie එකක් ගැනීමේ හැකියාව ලබාදෙනවා.

සාරාංශයක් ලෙස ගත් කල මෙම තාක්ෂණය හරහා Apple පරිශීලකයන් හට තමන්ගේ iPad හෝ iPhone භාවිතා කරමින් group selfies සදහා තම හිතමිතුරන් හට invite කල හැකි අතර එම invitation එක accept කිරීමෙන් ඔවුන් හට තනි selfie එකකට සහභාගී වීමේ හැකියාව ලැබෙනවා.

මෙහිදී මෙම මෘදුකාංගය මගින් වෙන වෙනම ගත් selfies සියල්ලම තනි ජායාරූපයක් ලෙස සැකසීමෙන් අනතුරුව group ෆොටෝ එකක් වශයෙන් දුරකතනයට save කරනු ලබන අතර අවශ්‍යනම් තමන් සිටින ස්ථානය වෙනස් කිරීමේ හැකියාවද ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

පරිශීලකයින් හට original selfie එක මෙන්ම group version එකද තබා ගත හැකි අතර, invite එක යොමු කල පරිශීලකයාට මෙන්ම invite එකට join වූ පරිශීලකයන් හටද selfie ජායාරූපයේ අදාල වෙනස්කම් කිරීමේ හැකියාවද ඇත.

පිරිස් රැස්වීම සීමා කරන ගෝලීය වසංගතයක් පවතින මොහොතක මෙවැනි විශේෂාංගයක් ලබාදීම පිළිබඳව අදහස හොද බව පෙනුනද මෙම පේටන්ට් එක සදහා Apple සමාගම ඉල්ලුම් කර ඇත්තේ 2018 වර්ෂයේදී වන අතර එම පේටන්ට් බළපත්‍රය ලැබී ඇත්තේ පසුගිය ජූනි 2 වැනි දිනයේදී යි.

කෙසේ නමුත් Apple සමාගම සතුව මෙවැනි පේටන්ට් බොහෝ ප්‍රමාණයක් තිබෙන අතර ඒවා තවමත් software හරහා හෝ නිකුත් කර නොමැති නිසා මෙම පහසුකමද නිකුත්වන දිනයක් තවමත් නිශ්චිත නැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Patently Apple වෙබ් අඩවිය භාවිතා කළ හැක.