Apple iPhone 12 line up එක නිකුත් වීමට තවමත් ඇත්තේ සති කිහිපයක් වන අතර ඒ නිසාම මේ සම්බන්ධයෙන් විවිධ ආකාරයේ නව ප්‍රවෘත්ති මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.

iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charging Adapter එකක් නොලැබෙන බවට වාර්තා වූ ප්‍රවෘත්තිය සමස්ත තාක්ෂණික ලෝකයම කැළඹීමට කළ අතර අපි මීට පෙර ලිපියකින් ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා මතක ඇති.

iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා නොදෙන අතර 20W charger එක වෙනම මිලදීගැනීමට සිදුවන ලකුණු
මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් EarPods හෝ power adapter එකනොමිලයේ ලබා නොදීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. MacRummors[https://www.macrumors.com/2020/06/28/kuo-no-charger-in-iphone-12-box/], TheVerge[https://www.theverge.com/2020/6/28/21306499/2020-iphones-no-power-adapter-earpods-new-ipads-20w-charger…

මේ අතර iPhone 12 සම්බන්ධයෙන් වාර්තා වන නවතම ප්‍රවෘත්තිය වන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික Lightning Cable එක වෙනස් කිරීමට Apple සමාගම සූදානම් වන පුවතයි.

Lovetodream නම් leaker කෙනෙකු Twitter හි පළ කරන ලද සටහනක් උපුටා දක්වමින් 9to5Mac වෙබ් අඩවිය විසින් මෙම තොරතුරු වාර්තා කර ඇති අතර, එයට අනුව නවතම Apple Lightning Cable එක USB Type-C port එක සඳහා converter එකක් ලෙස සම්බන්ධ කල හැකි ලෙස නිකුත් වනු ඇති බව වාර්ථා වෙනවා.

මේ අනුව සියළුම iPhone 12 ජංගම දුරකථන සමඟින් Lightning to USB Type-C cable එකක් ලැබෙනු ඇති අතර, iPhone 11 ජංගම දුරකථන සඳහා Lightning to USB A cable එකක් ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ඇති බව වාර්ථා වෙනවා.

එමෙන්ම Braided, එහෙමත් නැතිනම් ගොතන ලද පිටත වැස්මකින් මෙම Cable එක ආවරණය වනු ඇති බව තවදුරටත් වාර්තා වන අතර කාලයක් තිස්සේ Apple පාරිභෝගිකයන් විසින් Lightning Cable එකෙහි කල් පැවැත්ම සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි වලට ප්‍රතිචාරයක් ලෙස Apple සමාගම මෙවැනි පිටත වැස්මක් එකතු කිරීමට තීරණය කර ඇති බව අනුමාන කල හැකි වෙනවා.

යුරෝපා සංගමය විසින් තාක්ෂණික අපද්‍රව්‍ය ලොව පුරා එක්රැස් වීම අවම කිරීමේ අරමුණින් සියලුම Charging Port, USB Type C විය යුතු බවට කොන්දේසියක් පැනවු අතර Apple සමාගමේ මෙම තීරණයට එයද හේතුවක් වන්නට ඇති බව උපකල්පනය කළ හැකියි.

සියළුම ජංගම දුරකථන වලට USB-C port එක අනිවාර්යය කිරීමට යුරෝපා සංගමය තීරණය කරයි
2015 වර්ෂයේ USB-C standard එක [https://en.wikipedia.org/wiki/USB-C] හඳුන්වාදීමත්සමඟින් බොහෝමයක් Android ජංගම දුරකථන ක්‍රමයෙන් මෙයට අනුගත වුණත් තවමත් Micro USBසහ වෙනත් port වර්ග අන්තර්ගත වන ජංගම දුරකථන වෙළඳපොලට හඳුන්වාදීම දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම Apple සමාගම ඔවුන්ගේ වෙළඳ ඒකාධිකාරය පවත්වාගැනීම ව…

Samsung සමාගමද මීළඟට නිකුත් කිරීමට නියමිත ඇතැම් උපාංග සමගින් Charger එකක් ලබා නොදීමට තීරණය කර ඇති බව මීට පෙර ලිපියක් හරහා අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ජංගම දුරකථන සඳහා Charger එකක් ලබා නොදීමට Samsung සමාගම සූදානම් වන ලකුණු
Samsung සමාගම විසින් මෙතෙක් නිකුත් කරන ලද සෑම නව ජංගම දුරකථනයක් සමගින්ම chargerඑකද ඇතුළුව උපාංගයට අදාළ සියලුම accessories ලබාදීමට කටයුතු කරනු ලැබුව ද නවතම කොරියානු වාර්තාවක් [https://www.etnews.com/news/article.html?id=20200708000292] මගින් පෙන්වා දෙන්නේ ඔවුන් විසින් එම තීරණය වෙනස් කිරීමට සූදානමි…

විශේෂයෙන් නවතම Snapdragon 875 Chipset එක $200 කට ආසන්න ගණනකින් මිල ඉහළ යාම නිසා නිශ්පාදන වියදම අඩු කරගැනීමේ අරමුණින් Samsung සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය සහ BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.