චීනයේ සිදුවන iPhone නිශ්පාදනයෙන් 20% ක් පමණ ඉන්දියාවට ලබාදීම කෙරෙහි Apple සමාගමේ අවධානය යොමු වෙයි

මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ චීනයේ සිදු කරනු ලබන iPhone නිෂ්පාදනයෙන් 20%ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවට ගෙන ඒම අරමුණු කරගෙන Apple සමාගමේ නිළධාරීන් පිරිසක් සහ ඉන්දියානු රජයේ ඉහළ නිළධාරීන් පිරිසක් අතර හමුවක් පැවති බව ප්‍රසිද්ධ ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන The Economic Times වෙබ් අඩවිය වාර්ථා කරනවා.

දැනට Apple සමාගමට ඉන්දියාව තුළ මේ තරම් විශාල වෙළඳපොලක් නැති නමුත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ චීනයෙන් පිටත සිය නිශ්පාදන කටයුතු ස්ථාවර කරගැනීම වන අතර ඒ අනුව ඩොලර් බිලියන 40ක පමණ වටිනාකමකින් යුත් iPhone ප්‍රමාණයක් මීළඟ වසර 5 තුළ ඉන්දියාව තුළ නිශ්පාදනය කිරීමට Apple සමාගම බලාපොරොත්තු වනවා.

මේ අතර ඉන්දියාවේ අපේක්ෂාව වන්නේ 2025 වසර වන විට ජංගම දුරකථන අපනයනයේ වටිනාකම ඩොලර් බිලියන 100 ඉක්මවා යෑම වන අතර 2019-2020 තුළ එම අගය පැවතියේ ඩොලර් බිලියන 3ක මට්ටමේයි.

Apple සමාගම දැනට ඉන්දියාව තුළ පිහිටුවන ලද Foxcon සමාගම හරහා iPhone XR මාදිලියෙන් යම් ප්‍රමාණයක් ඉන්දියාව තුළම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලබනවා.

නමුත් මීට පෙර ඉන්දියාව තුළ නිශ්පාදන ආරම්භ කල Frist Generation iPhone SE, iPhone 6s හා iPhone 7 වල නිශ්පාදනය එක් වරක් පමණක් සිදුකොට එය නැවැත්වීමට Apple සමාගම තීරණය කර තිබුනා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.