Apple සමාගම විසින් Shazam App එක මිළදී ගැනීමට කටයුතු කරයි

Shazam කියන්නේ මේ වන විට ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධ Music app එකක් බව අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ Shazam app එක Apple සමාගම විසින් මිළදී ගන්නට කටයුතු කළ බව Apple සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

Apple සමාගම සහ Shazam අතර දිගු ඉතිහාසයක් ඇති බව Apple සමාගමේ උප සභාපති Oliver Schusser විසින් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ App Store එකට පළමුවෙන්ම එකතු වූ apps කිහිපය අතර මේ Shazam app එකත් තිබුණු බවයි.

එමෙන්ම ඉතාමත් කෙටි කාලයකදී මේ Shazam app එකෙන් සියළුම Ads ඉවත් කර ads වලින් නිදහස් app එකක් භාවිතා කිරීමේ අවස්ථාව සියළුදෙනාටම ලබා දීමට Apple සමාගම සූදානම් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මේ වන විට ලොව පුරා බිලියන එකක පමණ පිරිසක් මේ app එක download කරගෙන ඇති අතර මිලියන 20ක් පමණ දෙනා දිනපතා මේ සේවාව භාවිතා කරනු ලබනවා.

මූලිකව මෙහි වටිනාකම පිළිබඳ තොරතුරු අනාවරණය නොකළ නමුත් අවුරුද්දක පමණ කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් සිට අවසානයේ Apple සමාගමට Shazam සමාගම ලබාගැනිමට වැය වි ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමණ මුදලක්.

මේ වන විට Apple Music, Beats සහ Shazam යන දැවැන්ත Music සන්නාම ත්‍රිත්වයකට හිමිකම් කියන Apple සමාගම, මේ මිළදීගැනීමත් සමඟ Apple Music වලට ලොකු පෙරලියක් සිදු කරනු ඇති බව බොහෝ දෙනෙකු මත පල කරනවා.

Apple සමාගමේ Newsroom එකෙහි මේ පිළබඳව පළ කර ඇති නිවේදනය හරහා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.