Logo එකක් හොරකම් කිරීම සම්බන්ධයෙන් Apple සමාගම චූදිතයෙක් බවට පත් වෙයි

Apple කියන්නේ බොහෝ වෙලාවට අනුන්ගේ දේවල් copy කරන්නට සමත් සමාගමක් බව අපි කවුරුත් දන්නවනේ. ඔන්න ඉතින් මේ කියන්න යන News එකත් ඒ වගේ එකක්.

පසුගිය දිනවල WWDC conference එකෙහි Apple සමාගම ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අළුත්ම සංස්කරණය ගැන announce කලා මතක ඇති. ඉතින් මේකෙදී Shortcuts කියලා app එකක් ගැනත් කතාබහ කළා මතක ඇති. අන්න ඒ app එකේ icon එක මත තමයි මේ පුවත ගොඩනැගෙන්නේ.

Shift කියලා blockchain application එකක් නිර්මාණය කරපු firm එකකින් කියනවා මේ Apple Shortcuts app එකට බාවිතා කරලා තියන icon එක ඔවුන්ගේ app එකෙහි ඇති icon එකේ copy එකක් කියලා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරන විදිහට මේක Apple සමාගමට තවදුරටත් බාවිතා කරන්න අවශ්‍යයි නම් $200,000 ක මුදලක් ඔවුන් ඒ වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

නමුත් මේ වෙන තුරුත් Apple සමාගම විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර නැහැ. Icons දෙක එකිනෙක සසඳා බැලූ විට ඒ දෙකම S අකුරෙහි යම්කිසි වෙනස් කරන ලද version එකක් බවත්, දෙකම එක සමාන ආකාරයේ වර්ණ බාවිතා කර ඇති බවත් දැකගත හැකියි.

කොහොම වුණත් බැලු බැල්මටම මේ දෙක අතර ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඒ අනුව සමහර විට මෙය Apple විසින් copy නොකරන ලද්දක් වීමට අවස්ථාව වැඩි බවයි විචාරකයන්ගේ අදහස වන්නේ.

Source: The Sun