Android වලදී Google Search එකේ SMS පෙන්නන 1975 Bug එක ගැන දැනගනිමු

ඔන්න Android බාවිතා කරන කෙනෙකුට අහු වුණු අමුතු විදිහේ bug එකක් ගැන තමයි මේ news එක. මේ bug එක හරහා වෙන්නේ ඔයාගේ Google App හෝ Google Assistant App එක හරහා '1975..com' කියලා search එකක් දැම්මම, ඔයාගේ SMS ටික result එක වශයෙන් පෙන්නන එකයි.

ගොඩක් වෙලාවට bug එකක් හොයාගන්න අපි ගොඩක් උත්සාහ කරන්න ඕන වෙනවා. නමුත් මේ හොයාගෙන තියෙන bug එක නම් හමුවෙලා තියෙන්නේ අහම්බෙන් වගේ Android බාවිතා කරන්නෙකුට වුණු අත්වැරදීමකින්. මේ ගැන ඔහු විසින් Reddit වෙබ් අඩවියේ සඳහන් කරලා තියනවා. අත්වැරදීමකින් ඔහු විසින් "the1975..com" යනුවෙන් ඇතුලත් කර search කිරීමෙන් ඔහුට ඔහුගේ SMS පණිවුඩ ලැයිස්තුව Google App එක හරහා දර්ශනය වී තිබෙනවා. නමුත් හරි web address එක බාවිතා කිරීමේදී කිසිම ගැටළුවකින් තොරව අදාල වෙබ් අඩවිය දර්ශනය වීම සිදු වෙනවා. කොහොම වුණත් මේක මීළඟ සතිය හෝ සති දෙකක් වගේ කාලයක් ඇතුලත fix කරාවි.

පේන විදිහට මේක ගොඩක් භයානක bug එකක් නොවෙයි. මේක හරහා ඇත්තමට ඔයාගේ SMS ටික internet එකට විවෘත වෙන්නේ නැහැ. නමුත් user විසින් ආදානය කරන information/codes Google App එක විසින් තේරුම් ගන්නා ආකාරයේ ලොකු දුර්වලතාවයක් බවට පත් වෙනවා. කොහොම වුණත් මේ එන result එකම ලබා ගන්නා නිවැරදි ක්‍රමය වන්නේ Google Assistant ගෙන් text messages පෙන්වීම සඳහා කරන ඉල්ලුමයි.

වාර්ථා වෙන අන්දමට මේ bug එක Android version එක මත පදනම් නොවන අතර Samsung Galaxy S9 මත වැඩ කරන Android 6.0 මතත් OnePlus One මත වැඩ කරන Android 8.1 මතත් එක සේ කටයුතු කරයි.

ඒ වගේම මේ bug එකම iOS එකට අදාල Google App එකෙත් තිබෙන නමුත් iOS එක මතදී Google App එකට text messages පෙන්වීමට නොහැකි වීම හේතුවෙන් මෙය iPhone වල දී වැඩ නොකරයි.