Android 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මාර්ගයේ විවිධ විශේෂ අවස්ථා පිළිබඳව මීට පෙර අපි ඔබව ලිපි කිහිපයකින් ම දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති.

Google Pixel සහ OnePlus ජංගම දුරකථන සඳහා Android 11 Beta 1 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූදානම් කර තිබුණු Android 11beta 1 සංස්කරණය පසුගිය දින වල පැවති කළබලකාරී වාතාවරණය හේතුවෙන් නැවත වරක් කල්දැමීමට කටයුතු කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. Android 11 Beta සංස්කරණය එළිදැක්වීම නැවත වරක් කල් දැමීමට Google සමාගම කටයුතුකරයිGoogle …

Google සමාගම විසින් Android 11 හි Beta 2 සංස්කරණය නිකුත් කිරීමෙන් පසු මෙහි final version එක මීළඟ සැප්තැම්බර් මස 8 වැනි දින නිකුත් කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

“Hey Google” Smart Home Summit එක අතරතුර නිකුත් කළ video එකක් හරහා Google සමාගම විසින් (නොදැනුවත්වම හෝ) මෙම දිනය පිළිබඳව හෙළි වී ඇති අතර එම presentation එකෙහි “Checklist for September 8th Android 11 launch” යන slide එක හරහා මේ තොරතුරු අනාවරණය වෙනවා.

Android Police වෙබ් අඩවිය විසින් එහි Screenshot එකක් ලබාගැනීමට සමත් වී තිබෙන අතර ඒ ඔස්සේ මෙම පුවත අන්තර්ජාලයට එකතු වී තිබෙනවා. කොහොම නමුත්, පසුව එම වීඩියෝ එක YouTube වෙතින් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Google සමාගම විසින් Android 10 නිකුත් කරන ලද්දේ ද පසු ගිය වසරේ සැප්තැම්බර් 3 වැනි දින වන අතර, ඒ නිසා මෙම වසරේ සැප්තැම්බර් 8 වන දින Android 11 සංස්කරණය නිකුත් වෙතැයි අනුමාන කලහැකි වෙනවා.

Android 10 සංස්කරණය නිළ වශයෙන් Google Pixel, Essential සහ Xiaomi ජංගම දුරකථන වලට නිකුත් කරයි
Android Q, එහෙමත් නැතිනම් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Android 10යනුවෙන් හැඳින්වීමට කටයුතු කරනු ලබන බවත් [/android-q-is-android-10/], මෙයසැප්තැම්බර් 03 වැනි දින නිළ වශයෙන් Pixel ජංගම දුරකථන වලට නිකුත් කරනු ඇති බවත්අපි ඔබව මීට කලින් දැනුවත් කළා මතක ඇති. සැප්තැම්බර් මස 3 වැනි දින Pixe…

Android 11 Beta 2 සංස්කරණය නිකුත් කිරීමත් සමඟින්, සිදු කර ඇති වෙනස්කම් පිළිබඳව Google සමාගම විසින් ඔවුන්ගේ Android Developer site එක තුල පළ කර තිබෙන අතර එහිදී bug fixes හා UI changes පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද දැකගත හැකිවනවා.

මෙම නවතම Android සංස්කරණය Google Pixel 2 වලින් පසු උපාංග වලට මූලිකව නිකුත් කෙරෙනු ඇති අතර Google හැරුණු විට Xiaomi සමාගම විසින් අනෙක් සමාගම් වලට කලින් සිය උපාංගයකට Android 11 ලබාදෙනු ඇතැයි බොහෝ විශ්ලේෂකයින් මත පළකර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.