පසුගිය බ්‍රහස්පතින්දා Google සමාගම විසින් බොහෝ Android දුරකථන සඳහා Stadia app එක මගින් වැඩ කිරිමට හැකියාව ලබා දුන් අතර එයින් පසු Stadia Android app එක Google Play Store වල downloads මිලියනයේ සීමාව අභිබවා යාමට සමත් වී තිබෙනවා.

Stadia - Apps on Google Play
Stadia is an all-new gaming platform that lets you play games across screens. Stadia is one place for all the ways we play. Play games across the screens you own.You can play games on televisions with the Stadia Controller and Google Chromecast Ultra. You can also play games on Stadia across lapto…
Stadia on Google Play Store

Stadia Android app එක 2019 වර්ෂයේ නොවැම්බර් 7 වැනි දින Google Play Store වෙත නිකුත් කෙරුණු අතර මාස 4 කට පසු එනම්, මාර්තු 10 වන දින downloads 500,000 සීමාව කරා ලඟාවිමට හැකියාව ලැබුණු අතර, ඉන් මාස තුනකට පසු, දැන් installations 1,000,000+ සිමාව පසුකර යාමට සමත් වී තිබෙනවා.

මේ Stadia app එක මෙම සන්ධිස්ථානය පසුකරන්නේ Google සමාගම විසින් Android phones බහුතරයකට Stadia app එක භාවිතා කිරිමේ හැකියාව ලබාදී දින 2 ක‍ට පසුව වන අතර පසුගිය අප්‍රේල් මාසයේදී මේ සේවාව මාස දෙකක කාලයක් සඳහා නොමිලයේ ලබාදීමටත් Google සමාගම කටයුතු කරනු ලැබුවා.

Google Stadia Pro මාස දෙකක කාලයක් සඳහා නොමිලයේ ලබාදීමට Google ආයතනය කටයුතු කරයි
Gaming PC එකක් නැතත්, ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතා කරමින් high end gamesplay කිරීමේ හැකියාව ලබා දෙන Google Stadia සේවාව ගැන අපි ඔබව මීට පෙර දැනුවත් කළාමතක ඇති. Android, Chromecasts, Chrome වලට Game Stream කරන Google සමාගමේ Stadia CloudGaming සේවාවProject Stream නමැති ව්‍යාපෘතියක් හරහා Chr…

පසුගිය වසරේදී Stadia app එක Pixel 2, 3, 3a, සහ Pixel 4 යන devices සඳහා පමණක් නිකුත් කර තිබුණු අතර පසුව Samsung, Asus, Razer සහ OnePlus වැනි devices සඳහා ද සහාය දක්වන ලෙස නිකුත් කිරීමට ද Google සමාගම කටයුතු කරනු ලැබුවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.