පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි adobe සමාගම විසින් නිකුත් කරන ලද AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Adobe Photoshop Camera App එක ගැන අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Adobe සමාගම විසින් AI මගින් බළගැන්වෙන Photoshop Camera නම් වූ app එකක් එළිදක්වයි
Adobe සමාගම විසින් Photoshop Camera නමින් iOS සහ Android devices සඳහා අලුත් appඑකක් එළිදැක්වීමට කටයුතු කර තිබෙන බව මේ වන විට වා‍ර්ථා වෙනවා. ඔවුන්ගේ artificial intelligence platform එක වන Sensei[https://www.adobe.com/sensei.html] හි සමන්විත වන තාක්ෂණයන් භාවිතා කරමින් ලබාගනුලබන ඡායාරූපය selfie එකක…

පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට මෙය preview මට්ටමේ පැවති අතර 2020 වර්ෂයේදී පරිශීලකයින් හට නිකුත් කිරීමට Adobe සමාගම සූදානම් වෙමින් සිටියා.

මේ වන විට මේ අලුත් Photoshop Camera app එක Google Play Store හරහා සියළුම Android පරිශීලකයින් හට download කරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Adobe Photoshop Camera - Apps on Google Play
Adobe Photoshop Camera is a free, intelligent camera app that lets you add the best filters and effects for your photos — before you even take the shot. Show off your unique style with tons of Insta-worthy lenses and filters inspired by your favorite artists and influencers. And with no Photoshop sk…
Photoshop Camera on Google Play
‎Photoshop Camera
Adobe Photoshop Camera is a free, intelligent camera app that lets you add the best filters and effects for your photos — before you even take the shot. Show off your unique style with tons of Insta-worthy lenses and filters inspired by your favorite artists and influencers. And with no Photoshop sk…
Photoshop Camera on App Store

භාවිතා කරන්නාගේ අවම මැදිහත්වීමක් යටතේ මෙන්ම AI තාක්ෂණය භාවිතා කරමින් හොඳ තත්ත්වයේ ඡායාරූපයක් ලබාගැනීම වෙනුවෙන් අවශ්‍යය වන පහසුකම් රාශියකින් මේ app එක සමන්විත වී ඇති අතර මේ හරහා ඡායාරූපයක් ලබාගැනීමේදී viewfinder එක මත අදාල effects, real-time ලෙස පෙන්වීමට ද කටයුතු කෙරෙනු ලැබෙනවා.

මීට අදාල custom filters 80 අධික ප්‍රමාණයක් ලබාදීමට Adobe සමාගම කටයුතු කර ඇති අතර මෙහි Portrait, Studio Light, Bloom, Pop Art, Spectrum, Desync, Food, Scenery, Natural Skies වැනි ප්‍රසිද්ධ filters රැසක් අන්තර්ගත වෙනවා.

Adobe Photoshop Camera

මීට අමතරව influencer-inspired lenses, එහෙමත් නැතිනම් වෙනත් creator කෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබූ lenses භාවිතා කරමින් ඔබගේ ඡායාරූප ලබාගැනීමේ හැකියාව මෙයට අන්තර්ගත වන අතර, අවශ්‍යය නම් ඔබගේම lense එකක් නිර්මාණය කර අනෙකුත් පරිශීලකයින් හට භාවිතා කළ හැකි ලෙස share කිරීමට ද ඔබට හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Adobe වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.