WhatsApp භාවිතා කරන්නන් හට නුදුරේදීම එකම WhatsApp ගිණුම එකවර Devices කිහිපයක භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන Multi-device පහසුකම ගැනත්, WhatsApp හරහා යවන Content එකක් එකවරක් බැලූ පසු ස්වයංක්‍රීයව මැකීයන අයුරින් සකස්කළ හැකි පහසුකමක් ගැනත් Facebook සමාගමේ ප්‍රධානියා වන Mark Zuckerberg හා WhatsApp හි ප්‍රධානියා වන Will Cathcart විසින් wabetainfo සමඟ පැවති සංවාදයකදී සනාථ කර ඇති බව ඔවුන් අනාවරණය කර සිටිනවා.
WhatsApp සඳහා එකවර Devices කිහිපයක් හා සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් කතා කිරීමේදී බොහෝ දෙනෙක්ට එකවර මතක් වන්නේ WhatsApp Web පහසුකම වන අතර නමුත් මෙම අලුතින් හදුන්වාදීමට බලාපොරොත්තු වන පහසුකම ඊට බොහෝ සෙයින් වෙනස් පහසුකමක්,
Mark Zuckerberg සදහන් කර සිටින ආකාරයට Multi-device පහසුකම හරහා එක වර එකම WhatsApp ගිණුම Devices 4 ක භාවිතා කළ හැකි අතර මෙහිදී අනෙකුත් devices භාවිතා කිරීම සඳහා ප්‍රධාන Device එක අන්තර්ජාලය හා සම්බන්ධ වීම අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම එකවර WhatsApp ගිණුම devices කිහිපයක භාවිතා කිරීමට අවශය පහසුකම ලබාදීමෙන් අනතුරුවද තව දුරටත් end-to-end Encryption පහසුකම වලංගු වන බවත් මෙම පහසුකම ලබාදීමේදී තාක්ෂණික වශයෙන් ඔවුන්ට එය විශාල අභියෝගයක් වුන බවත් Mark Zuckerberg තව දුරටත් ප්‍රකාශ කර සිටිනවා.
ලොව පුරා බිලියන 2ක් පමණ දෙනා භාවිතා කරන instant messaging service එකක් වන WhatsApp වලට ඉතා මෑතකදී හදුන්වා දුන් disappearing messages පහසුකම ගැන මීට පෙර TechNews.LK අප වෙබ් අඩවිය විසින් ඔබ වෙත ගෙන ආවා මතකයේ ඇති.
Disappearing messages පහසුකම තව දුරටත් දියුණු කරමින් කෙනෙක් තවත් කෙනෙකුට යවන Content එකක් එකවරක් නැරඔූ පසු එය නොපෙනී යා හැකි වන අයුරින් සකස් කල හැකි පහසුමක්ද හදුන්වාදීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම පහසුකම "View Once" නමින් හදුන්වන අතර මෙය නුදුරේදීම WhatsApp Beta සංස්කරණයට එකතු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.